දිවයිනේ පවතින වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය සහ ගංවතුර තත්ත්වයත් සමඟ රෝග කිහිපයක ව්‍යාප්තිය වැඩිවනු ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසා සිටියේ පාචනය, අතීසාරය, උණසන්නිපාතය සහ ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝග තත්ත්වයන් ව්‍යාප්ත වීමේ වැඩි අවධානමක් පවතින බවයි

අපිරිසිදු ජලය සහ අපිරිසිදු ආහාර මඟින් බෝවන අතර උණත් සමග වමනය, අජීරණය, බඩේ අමාරුව පාචනය රෝ​ග  ලක්ෂණ වන අතර පාචනයට අමතරව වැසිකිළි යන විට ලේ යනවා නම් මෙය අතිසාරය විය හැකි බවත් වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසා සිටියා .

පවුලක උණ ඉක්මනින් පැතිරෙනවා නම් මෙය ඉන්ෆ්ලුවෙන්සා විය හැකි බවත් මීට අමතර සීතල කාලය හේතුවෙන් ළමා හතිය වැඩිවීමට ඉඩකඩ පවතින බවත් එම රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර කරා යොමුවන ලෙස​ත්  විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත්  පවසා සිටියා