මෙරට එක් පුද්ගලයකුට සිය මුලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා මසකට අවම වශයෙන් රුපියල් 17,014ක මුදලක් වැයවන බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ඒ අනුව 04 දෙනකුගෙන් යුත් පවුලක සිය මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා මසකට අවම වශයෙන් රුපියල් 68,056 මුදලක් අවශ්‍ය බවද එම වාර්තා තවදුරටත් සඳහන් කරයි.

එම දෙපාර්තමේන්තුව විසින් මෙරට නිල දරිද්‍රතා රේඛාව සම්බන්ධයෙන් 2024 වසර සඳහා සිදුකළ සමීක්ෂණයකදී එය අනාවරණය වී ඇත.

එම සමීක්ෂණයට අනුව කොළඹ ප්‍රදේශයේ ජීවත්වන පුද්ගලයකුට සිය මුලික අවශ්‍යතා ඉටුකර ගැනීම සදහා අවම වශයෙන් මසකට රුපියල් 18,350ක මුදලක් වැය වන අතර, මොනරාගල ප්‍රදේශයේ පදිංචිකරුවකුට සිය මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා මසකට රුපියල් 16,248ක මුදක් වැය වනු ඇත.

එය මෙරට දිස්ත්‍රික්ක 25 අතුරින් පුද්ගලයකුට සිය මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා වැය වන අඩුම මුදල වේ.

2023 වසරේදී සිය මුලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා පුද්ගලයකුට මසකට රුපියල් 16,524ක අවම මුදලක් වැයවී ඇති බව ජන ලේඛන හා සංඛ්‍ය ශුද්ධන දෙපාර්තමේන්තුව සදහන් කරන අතර, මෙම 2024 වසරේදී එම වියදම රුපියල් 17,014ක් දක්වා රුපියල් 490කින් වැඩි වී ඇත.