ඊයේ (17) පැවැති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම් අතර තරගයෙන් අනතුරුව මුම්බායි නායක හර්දික් පාණ්ඩ්‍යාට එක්

එයට හේතු වී ඇත්තේ තරගාවලියේදී මන්දගාමී පන්දුවාර වේගයක් පවත්වා ගැනීමයි.

කෙසේ නමුත් මුම්බායි කණ්ඩායම මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සියලු ම තරග ක්‍රීඩා කොට අවසන් බැවින්, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මීළඟ තරග වාරයේ දී පාණ්ඩ්‍යාට අදාළ වරද සඳහා හිමි දඬුවම වශයෙන් එහි පළමු තරගය තහනම් වනු ඇති බව සදහන්

ඒ අනුව පාණ්ඩ්‍යාට එළඹෙන තරග වාරයේ දී මුම්බායි කණ්ඩායම හැර වෙනත් කණ්ඩායමක් සමග එක් වුවද එම තහනම අනිවාර්යයෙන් ම ක්‍රියාත්මක වීමට නියමිතයි.

මුම්බායි කණ්ඩායම වෙනුවෙන් මෙවර නායකත්වයට පත් හර්දික් මෙවර තරගාවලිය තුළ අවම ඕවර අනුපාතයක් පවත්වා ගැනීමට අපොහොසත් වූ තෙවැනි අවස්ථාව මෙයයි.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, එක් තරගයක තහනමට අමතරව හර්දික්ට ඉන්දීය රුපියල් ලක්ෂ 30ක දඩයක් ද, Impact Player ඇතුළු ක්‍රීඩා කළ කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින්ට ඔවුන්ගේ ඊයේ (17) තරග ගාස්තුවෙන් රුපියල් ලක්ෂ 12ක් හෝ 50%ක් බැගින් තනි තනිව දඩ වශයෙන් දඩයකට යටත් වීමට සිදුවුණා.