හැඳුනුම්පත අමතක වී ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි බ්‍රිතානයේ හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ආපසු හරවා යවා තිබෙන වාර්තා වේ.

බ්‍රිතානයේ පළාත් පාලන මැතිවරණයට ඡන්දය භාවිත කිරීමට ගිය අවස්ථාවේදී මෙම සිදුවීමට ඔහුට මුහුණ දීමට සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් පසු​ව හැඳුනුම්පත සමග යළි ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි පසුව අග්‍රාමාත්‍යවරයාට ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබා දී ඇති බවයි වාර්තා වේ.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අත්‍යවශ්‍ය බවට වන නීතිය 2022 වසරේදී බොරිස් ජොන්සන් විසින්ම හඳුන්වා දී තිබීම විශේෂත්වයක්.