ප්‍රමිතියෙන් බාල ඖෂධ ගෙන්වීමේ සිද්ධියට අදාළව  දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ට එරෙහිව තවහ් පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

ඒ ඔහු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටි සමයේ එම අමාත්‍යංශය මගින් නිකුත්කර තිබූ නිල රථ දෙකක් ඔහුට අමාත්‍ය ධුරය අහිමිවීමෙන් පසුව ඒවා නැවත භාර නොදී අවභාවිත කරන බවටයි .

සිවිල් පුරවැසියෙක් විසින් මෙලෙස කරන ලද පැමිණිල්ලක් මත එම විමර්ශනය ආරම්භ කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහතින්