ව්‍යාජ ප්‍රතිදේහ එන්නත් නිපදවා රජයට අලෙවි කර මහා මුදල් ජාවාරමක් සිදු කිරීම සම්බන්ධයෙන් වන නඩුවට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇති බව වාර්තා වේ.

එලෙස පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස ඊයේ මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කරනු ලැබ ඇත.