පසුගියදා වියට්නාමයේදී පැවති Miss Global 2023 නිරූපණ තරඟයේදී දෙවන ස්ථානය දිනා ගැනීමට, ශ්‍රී ලාංකික සම්භවයක් ඇති හේලානි පර්ල් කුරුප්පු සමත් වී තිබෙනවා. Puerto Rico හි Ashley Melendez විසින් Miss Global කිරුළ හිමි කර ගත් අතර, සැමෝවා රාජ්‍යය වෙනුවෙන් හේලානි ලබාගත් ජයග්‍රහණය ජාත්‍යන්තර රූ රැජිණ තරඟයකදී සැමෝවා රාජ්‍යය ලබා ගත් ඉහළම ජයග්‍රහණය ලෙස ඉතිහාසගත වනවා.

හේලානිගේ පියා ශ්‍රි ලාංකිකයෙකු වන අතර, මව සැමෝවා ජාතික කාන්තාවක් වන බවයි වාර්තා වන්නේ.

Miss Global 2023

හේලානි කුරුප්පු සැමෝවා රාජ්‍යයට පළමු ජාත්‍යන්තර රූ රුජිණ කිරුළ දිනා දෙයි!