අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බුදුදහම සම්බන්ධයෙන් ආන්දෝලනයට තුඩු දුන් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සෙ ප්‍රචාරණය කිරිම හේතුවෙන් ඊයේ අත්අඩංගුවට ගත් SL vlog හිමිකරු බෲනෝ දිවාකර ලබන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද නියෝග කර තිබෙනවා.

පසුගියදා එම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යය අමතා ඔහු කියා සිටියේ ඇය විසින් සිදු කල ප්‍රකාශය සම්බන්ධයෙන් වගකිම ඇය ගත යුතු උවත් එම ප්‍රකාශය පලකිරිම සඳහා ඉඩදීම තමන් විසින් සිදුකල වරදක් බවයි