අන්තර්ජාතික මට්ටමේ ද්වි භාෂා සහිත පිළිගත හැකි උප්පැන්න සහතිකයක් පුරවැසියන්ට ලබාදීම රජයේ අරමුණ බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත පවසා ඇත.

ඒ අනුව සිංහල භාෂාවෙන් සහ ඉංග්‍රීසි භාෂාවෙන් ද දෙමළ භාෂාවෙන් සහ ඉංග්‍රීසි භාෂාවෙන් යන ද්වි භාෂා උප්පැන්න සහතිකය සැකසීමට නියමිතය.

එමෙන්ම මෙම වැඩපිළිවෙල ඩිජිටල් උප්පැන්නය නිකුත් කිරීමේ දී සිදුවනු ඇත.

ලොව ඕනෑම රටක් පිළිගත හැකි ආරක්ෂිත උප්පැන්න සහතිකයක් ඉදිරියේදී නිකුත් කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

ඉඩම් ඔප්පු සහ පත්තිරු අන්තර්ජාල ගත කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බව ද ඇමතිවරයා සදහන් කර ඇත.