101වැනි ජාතික මලල ක්රීඩා ශූරතාව අද (28) කොළඹ සුගතදාස ක්රීඩාංගණයේදී ආරම්භ වේ. අද සිට අනිද්දා (30) දක්වා පැවැත්වෙන මෙම තරගාවලිය ලෝක මලල ක්රීඩා ශූරතාව සහ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියක් ලෙසද සැලකේ.
තරගාවලියේ ආරම්භක දිනය වන අද දිනයේ මීටර් 1000 කාන්තා සහ පිරිමි, මීටර් 1500 කාන්තා අවසන් තරග, කාන්තා රිටි පැනීම, දුර පැනීම, හෙල්ල විසි කිරීම වැනි ඉසව්වල අවසන් තරග පැවැත්වේ.
හෙට (29) දිනයේදී කාන්තා සහ පිරිමි මීටර් 100 සහ මීටර් 400 අවසන් තරග සහ මීටර් 3000 බාධක දිවීමේ අවසන් තරග පැවැත්වේ.
තරගාවලියේ අවසන් දිනය වන අනිද්දා (30දා) උදෑසන මීටර් 800 සහ 200 අවසන් තරග පවත්වා කාන්තා සහ පිරිමි මීටර් 4×400 සහය දිවීමේ තරගවලින් තරගාවලිය නිමා කිරීමට නියමිතය.
මෙවර තරගාවලියට ශ්රී ලංකාවට අමතරව ආරාධිත කණ්ඩායම් ලෙස ඉන්දීය සහ මාලදිවයින් කණ්ඩායම් සහභාගී වීම විශේෂත්වයකි.