ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත තරග 03කින් යුත් එක්දින තරගාවලිය සඳහා ඇෆ්ගනිස්තාන කණඩායම ඊයේ (10) දිවයිනට පැමිණ තිබේ.
මෙම තරගාවලියේ තරග 03න් තරග 02ක් හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදීත් අනෙක් තරගය කොළඹදීත් පැවැත්වීමට නියමිතය. මේ අනුව පළමු තරගය මෙම මස 22වැනිදාද, දෙවැනි තරගය මෙම මස 24වැනිදාද, තෙවැනි තරගය මෙම මස 26වැනිදාද පැවැත්වේ.
මෙම තරගාවලියේ සත්කාරකත්වය දරන ඇෆ්ගනිස්ථානය ක්‍රිකට් පාලක මණ්ඩලය මේ වනවිට ඇෆ්ගනිස්ථානයේ පවතින වාතාවරණය හේතුවෙන් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කර තිබිණි.