2023 FIFA පාපන්දු කාන්තා ලෝක කුසලානයේ ශූරතාව දිනා ගැනීමට ස්පාඤ්ඤය මීට සුළු වේලාවකට පෙර සමත් විය. ඒ අවසන් තරගයේදී එංගලන්තය පරාජයට පත් කරමිනි. මෙය ස්පාඤ්ඤයේ මංගල FIFA කාන්තා ලෝක කුසලානයයි.

තරගට ආරම්භ වී 29වැනි මිනිත්තුවේදී ස්පාඤ්ඤ වෙනුවෙන් O. Carmona ගෝලයක් වාර්තා කළාය. එංගලන්ත ක්‍රීඩිකාවන්ට දෙවැනි අර්ධය අවසන් වන තෙක්ම ගෝලයක් ලබා ගැනීමට නොහැකි වූ අතර, එංගලන්තයට හිමි වූ දඬුවම් පහරක්ද සාර්ථක කරගැනීමට ඔවුන්ට නොහැකි විය.

ඒ අනුව තරගය නිමා වූයේ සිය කුළුදුල් කාන්තා ලෝක කුසලානය ස්පාඤ්ඤයට හිමිකර දෙමිනි. ස්පාඤ්ඤ ලෝක පාපන්දු ඉතිහාසයට එක්වන්නේ පිරිමි සහ කාන්තා යන අංශ දෙකෙන්ම පාපන්දු ලෝක ශූරතාව දිනාගත් දෙවැනි රට ලෙසයි. එමෙන්ම වයස අවුරුදු 17න් පහළ කාන්තා ලෝක කුසලානය, 20 පහළ කාන්තා ලෝක කුසලානය සහ FIFA කාන්තා ලෝක කුසලානය දිනූ පළමු රටද ස්පාඤ්ඤයයි.