ඉන්දියාව විසින් 2008, 2019 සහ 2023 යන වර්ෂයන් හි පිළිවෙළින් චන්ද්‍රයන් 1, 2 සහ 3 යන උත්සාහයන් 3ක් දරා අවසානයේ කෙසේ හෝ සඳ ගමන ජය ගත් බවත් මේ ක්රියාදායමන් 3කටම වැය වී ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 263ක් පමණක් වන අතර 2012 වසරේ දී යවන ලදැයි කියන සුප්‍රීම් සැට් 1 චන්ද්‍රිකාව සඳහා ඩොලර් මිලියන 320ක් වැය වී ඇති බවත් මේ සම්බන්ධයෙන් වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යුතු අව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (24) පාර්ලිමේන්තුවේ දී පවසා ඇත.
ඉන්දියාවේ උත්සාහයන් 3 සඳහා ගිය මුදලට වඩා අපේ රටෙන් යැව්වා කියන චන්ද්‍රිකාවට විශාල මුදලක් වැය වී ඇති බවත් මේ සම්බන්ධයෙන් වියදම් වූ ඩොලර් මිලියන 320ට සිදු වූ දේ සම්බන්ධයෙන් වාර්තාවක් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ද ඔහු සදහන් කර තිබේ.
සඳ තරණය කෙසේ වෙතත් රට වලපල්ලට යැවීමට මෙය හේතුවක් වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.