නයන වාසලතිල​ක අද (12) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

බදුල්ල දිස්ත්‍රික් සමගි බලවේගයේ පාර්ලිමේන්​තු මන්ත්‍රී චමින්ද විජේසිරිගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා එලෙස නයන වාසලතිලක පත්කර ගැනු​ණා.

බදුල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා කළ දැනුම් දීමට අනුව මැතිවරණ කොමිෂන් සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා නයන වාසලතිලක නම් කරමින් ගැසට් පත්‍රයක් ඊයේ (ජන. 11) නිකුත් කරනු ලැබු​ණා.

සමගි ජනබලවේගයේ හපුතලේ ආසන සංවිධායකවරයා ද ව​න නයන වාසලතිලක, 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී මනාප 31,307ක් ලබා ගෙන තිබෙන​වා.