ඇල්පිටිය – පතිරාජ මාවතේ පදිංචිව සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු අද (26) වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

මියගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා 51 හැවිරිදි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කරන රොෂාන් කුමාර බවයි.

ඔහුගේ නිවසට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති අතර මෙම වෙඩි තැබීම සඳහා මිලිමීටර 9ක ගිනි අවියක් භාවිතා කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම වෙඩි තැබීමට හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.