බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිඩකයින් ක්‍රිඩකයින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතය නම් කර තිබේ.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වශයෙන් කුසල් මෙන්ඩිස් නම් කර ඇති අතර කණ්ඩායමේ උපනායකයා වශයෙන් චරිත් අසලංක නම් කර ඇත.

තරඟ තුනකින් සමන්විත තරගාවලිය හෙට බංග්ලාදේශයේ Chattogramහි දී ආරම්භවීමට නියමිතය.