ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඒ අනුව මේ වනවිට කෝප් කමිටු සාමාජිකයින් 30 දෙනා අතරින් 10 දෙනෙකු ඉල්ලා අස්වී ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ , සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ,දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු Shanakiyan Rasamanickam , ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් , කෝප් කමිටුවේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්ද, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ද ඒ අතර වේ.