අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය WhatsApp සමූහ වෙත මුදාහැරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අද (12) උපකාරක පංති ගුරුවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වි‍ශේෂ විමර්ශන ඒකකය විසින් එම සැකකරු මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ වට්ස්ඇප් සමූහයේ සාමාජිකයින් 1,025 දෙනකු සිටින බවටද මූලික විමර්ශනවලින් හෙළි වී තිබේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පසුගිය 09 වනදා පැවති අතර කාලසටහනට අනුව ප්‍රශ්න පත්‍රය සිසුන්ට ලබාදී තිබුණේ උදෑසන 8.30ට වන අතර සැකකාර ගුරුවරයා එම ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය උදෑසන 9.11ට පමණ වට්ස්ඇප් සමූහ වෙත මුදාහැර ඇති බව පොලීසිය පවසයි.