මේ වසරේ ගෙවීගිය මාස 03තුළ පසුගිය වසරට වඩා සිගරට් අලෙවිය පහත වැටී ඇති බව ශ්‍රී ලංකා දුම්කොළ සමාගම පවසනවා

ඊට හේතු වී ඇත්තේ බදු ඉහළ දැමීම, ජනතා ආදායම් පහත වැටීම සහ ආර්ථික මන්දගාමිත්වය යන කරුණු  බව  එම  සමාගම පෙන්වා දෙනවා.

ජනවාරි සිට මාර්තු මාසය දක්වා සිගරට් අලෙවියෙන් ලද ආදායම රුපියල් බිලියන 46.93 සිට රුපියල් බිලියන 45.85 දක්වා පහත වැටී ඇති අතර, පිරිවැටුම සම්බන්ධ බදු රුපියල් බිලියන 34.2 සිට රුපියල් බිලියන 31.7 දක්වා පහත වැටී බව එහි සඳහන්.

බදු වැඩිකිරීම් හේතුවෙන් සිගරට් භාවිතා කරන්නන්ගෙන් වැඩි පිරිසක් බීඩි භාවිතයට හුරු වී තිබෙනවා.

දුම්වැටි භාවිතය පිළිකා සහ වෙනත් රෝග වලට තුඩු දෙන නමුත් රජයට බදු නොගෙවන විකල්ප දුම් පානයකට ජනතාව හුරු වුවහොත් විවිධ රෝගවලට ගොදුරුවීම් ඉහළ යන අතර රජයට බදු නොලැබීයාමේ අවදානමක්ද පවතින බවත් දුම්කළ සමාගම වැඩිදුරටත් සඳහන් කළා.