අධික වර්ෂාවත් සමග කරදගොල්ල ප්‍රදේශයෙන් පස් කන්දක් කඩා වැටීම නිසා ඇල්ල – වැල්ලවාය මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා.

මේ වන විට මොණරාගල සහ ඇල්ල ප්‍රදේශ වලට අධික වර්ෂාපතනය ඇදහැලීම නිසා කරදගොල්ල සහ රාවණා ඇල්ල අතර මාර්ගයට වැඩි වශයෙන් පස් කදු සහ ගල් කඩා වැටී ඇති බව වාර්තා වේ.

මේ අතර හපුතලේ දුම්රිය ස්ථානය ආසන්නයේ නිවාස කිහිපයකටද පස් කදු කඩා වැටී තිබෙනවා.

එසේම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 08ක් සදහා නයායෑම් පිළිබද පෙර අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙන අතර එම දිස්ත්‍රික්ක වන්නේ බදුල්ල, කලුතර, මහනුවර, කැගල්ල,කුරුණෑගල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුරයයි.