ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට සහ ජනිත් ලියනගේට එළඹෙන ICC පිරිමි T20 ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීම සඳහා ඇමරිකාවට යාමට වීසා බලපත්‍රය ලැබී ඇති බව වාර්තා වේ.

ඉදිරි දින කිහිපය තුළ ඔහු අමෙරිකාව බලා පිටත්ව ගොස් ශ්‍රී ලංකා සංචිතයට එක්වනු ඇතැයි අපේක්ෂා කරන අතර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම පසුගිය සතියේ අමෙරිකාව බලා පිටත්ව ගිය නමුත් කුසල් මෙන්ඩිස්ට සහ ජනිත් ලියනගේට වීසා ලබා ගැනීම ප්‍රමාද වීම හේතුවෙන් ඔහුට කණ්ඩායම සමග එක්වීමට නොහැකි විය.

එක්සත් ජනපද තානාපති කාර්යාලයට අවශ්‍ය අමතර තොරතුරු මත වීසා බලපත්‍රය ප්‍රමාද වූ නමුත් ක්‍රිකට් ක්‍රීඩකයාට ඔහුගේ වීසා බලපත්‍රය ලැබීමත් සමඟ එය විසඳා ඇත.

එළැඹෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා ජාතික සංචිතය මේ වන විටත් සූදානමින් සිටියි. ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය 2024 ජූනි 01 දින ආරම්භ වන අතර එය ඇමරිකා එක්සත් ජනපදය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් විසින් සම සත්කාරකත්වය දරනු ඇත.