දැනට වඳවී ගොස් ඇති නවසීලන්ත “huia” නම් පක්ෂියාගේ තනි පිහාටුවක් ඩොලර් 28,400කට අධික වාර්තාගත මුදලකට වෙන්දේසියකදී අලෙවි වී ඇති අතර එය ලෝක වාර්තාවකි.
එම වෙන්දේසියේදී මෙම පිහාටුව වෙන්දේසි වෙතැයි අපේක්ෂා කර තිබුණේ ඩොලර් 3,000කට යැයි විදෙස් මාධ්‍යයන් වාර්තා කර ඇත.
එසේම මෙතෙක් පැවති වාර්තාව ද හිමිකරගෙන තිබුණේ මෙම පක්ෂියාගේ ම පිහාටුව කි. නමුත් එම මිලට වඩා 450% ගුණයකින් එම පිහාටුව අලෙවි වී ඇති බව වෙන්දේසිය සංවිධානය කළ ආයතනය පැවසීය.
“huia” පක්ෂියා මවෝරි ජනතාව පූජත්වයෙන් සලකයි. එම පක්ෂීන්ගේ පිහාටු හිස් පළඳනා සඳහා සවිකිරීමට, තෑගී ලෙස හෝ විකිණීම සඳහා ද එම ජනතාව භාවිත කර ඇත. නමුත් “huia” පක්ෂියා අවසන් වරට දැක ඇති බව වාර්තා වන්නේ 1907 වසරේදී ය.