අද (28) උදෑසන 10.30ට තද සුළං සහ රළු මුහුද පිළිබඳ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පවසයි.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 60 – 70ත් දක්වා වැඩි වන අතර එම ප්‍රදේශයේ මුහුද ඉතා රළු වන බවත් මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙසත් නාවික හා ධීවර ප්‍රජාවන්ට දැනුම්දී ඇත.

කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වෙන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 – 3 දක්වා ඉහළ යා හැකි අතර ඒ හේතුවෙන්  කල්පිටිය සිට කොළඹ, ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාව පවතින බව  කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන්  කරයි.