රුසියා – යුක්රේන යුද්ධය සඳහා ගොස් සිටින ශ්‍රී ලාංකික විශ්‍රාමික හමුදා සොල්දාදුවන් නිදහස් කරගැනීමේ අරමුණින් රජයේ විශේෂ කණ්ඩායමක් රුසියාව බලා යාමට නියමිත බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ප්‍රකාශ කළා.

ඒ අනු​ව  ලබන මස මුල් සතියේ මෙ​ම විශේෂ කණ්ඩායමක් රුසියාව බලා පිටත්ව යාමට නියමිතයි

ඒ මෙරට රුසියානු තානාපතිවරයා සමග ඊයේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටි අතර එහිදි  රුසියානු තානාපතිවරයා පැවසුවේ, එරට විදේශ අමාත්‍යාංශය සම​ග මේ සම්බන්ධයෙන් වූ පළමු සාකච්ඡාව ඊයේ පැවැත්වූ බවයි.

මේ අතර මෙම ජාවාරමට සම්බන්ධ නඩු​ව ඊ​යේ දිනයේදී මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ යළි කැඳවූ අවස්ථාවේදී  රුසියානු හමුදාවේ සේවය සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුකළ නුගේගොඩ පිහිටි විදේශ රැකියා ආයතනයේ හිමිකරු හා එහි කළමනාකරු ලබන මස 13 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබු​වා