අද දිනයේ සිට  දිවයිනේ නිරිත දිග කොටසේ පැවති වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක්  බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවය.

එසේම  නිල්වලා ගඟ ද්‍රෝණියේ මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පවතින ගංවතුර ආරක්ෂණ බැම්ම උතුරායා​​ම හේතුවෙන් මාලිම්බඩ, තිහගොඩ, මාතර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ගම්මාන රැසක් ගංවතුර අවදානමට ලක්ව ඇති බව යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඊට අමතරව කැලණි, කළු, ගිං යන ගංගා ද තවදුරටත් පිටාර ගලමින් පවතින අතර අත්තනගලු ඔය ද පිටාර ගලමින් පවතින බව වාර්තා වේ.

ගම්පහ නගරය සහ කඩුවෙල නගරය ද ඊයේ රාත්‍රී ජලයෙන් යටවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළා.