WhatsApp හරහා යොමු කරන හඬපට පරිවර්තනය කිරීම සම්බන්ධව අත්හදා බැලීම් සිදුකරන බවට තොරතුරු වාර්තා වෙනවා

එහි මූලික පියවර ලෙස ඉංග්‍රීසි, රුසියන්, ස්පාඤ්ඤ, පෘතුගාල (බ්‍රසීල) සහ හින්දි ය​න පහක් ඇතුළත් කර ඇති බව ද සදහන්

අන්ඩ්‍රොයිඩ් 2.24.13.8 ඉහළ යාවත්කාලීන කිරීම් සඳහා මෙම අවස්ථාව හිමි වනු ඇති.

එමෙන් ම මෙටා සමාගම විසින් ඇමතුම් සහ වීඩියෝ ඇමතුම් සඳහා තිරය හුවමාරු කිරීම් (screen-sharing), ඇමතුමක් සඳහා සහභාගී වන ප්‍රමාණය වැඩි කිරීම් සහ අමතන්නා සුවිශේෂි කිරීම් (speaker spotlight) වැනි නවතම විශේෂාංග තුනක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බවට ​ද තොරතුරු වාර්තා වේ