ගතවූ පැය 24 තුළ ඩෙංගු රෝගීන් 161 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

මේ මාසයේ දින 20 ක් තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 2044 දෙනෙකු වාර්තා වී ඇති අත​ර එය පසුගිය මාසය හා සැසඳීමේදී සීඝ්‍ර වර්ධනයක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කළා.

පසුගිය මැයි මාසයේදී වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව, 2647 ක් වන අතර වසරේ ගතවූ කාලසීමාව තුළ රෝගින් 26,964 දෙනෙකු වාර්තා වී තිබෙන බවත් ඉ​න් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවත් ඩෙංගු මර්ධන ඒකකය සදහන් කළා

වසරේ මේ දක්වා කාලසීමාව තුළ වාර්තා වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 9ක්.