දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කල්කුරිචි දිස්ත්‍රික්කයෙ නීතිවිරෝධී ලෙස පෙරන ලද විෂ සහිත මත්පැන් පානය කිරීම නිසා පුද්ගලයින් 34 දෙනෙක් මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා

මෙම මත්පැන් පානය කළ පුද්ගලයින් 100කට අධික පිරිසක් ක්ලාන්තය, වමනය, බඩේ කැක්කුම සහ පාචනය වැනි රෝගාබාධ මතුවීම හේතුවෙන් රෝහල්ගත කර ඇති අතර  මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මෙතනෝල් මිශ්‍ර මත්පැන් පානය කිරීම මෙම මරණ වලට හේතූ වූ බව ප්‍රාන්ත රජයේ ප්‍රකාශකයෙකු තහවුරු කර තිබුණා

මෙම සිදුවීමට අදාලව  මේ වන විට පු​ද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර නොසැලකිලිමත්කම හේතුවෙන් දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සහ තවත් නිලධාරීන් කිහිපදෙනෙකුගේ ද වැඩ තහනම් කර ඇති බවයි වාර්තා ​වේ

සිදුවීම පිළිබඳව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්කේ ස්ටාලින් විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ඔහු සඳහන් කර ඇත්තේ මියගිය පුද්ගලයින්ගේ පවුල්වලට රුපියල් මිලියනක් ස​හ රෝහල් ගත කළ පුද්ගලයින් හට රුපියල් 50,000 බැගින් වන්දි මුදලකුත් නිර්දේශ කර ඇති බවයි

එසේම   අපරාධයට සම්බන්ධ අය අත්අඩංගුවට ගෙන ඇති බවත්, එය වැළැක්වීමට අපොහොසත් වූ නිලධාරීන්ට එරෙහිව ද පියවර ගෙන ඇති බවත් ඔහු වැඩි දුරටත් පවසා සිටිය