ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන් තරග 03කින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 142ක ජයක් හිමිකර ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 47.1ක් අවසානයේ සියලු දෙනා දැවි රැස් කළේ ලකුණු 201ක් පමණි. එහි දී ඉමාම් උල් හක් ලකුණු 61ක්, ශදාබ් ඛාන් ලකුණු 39ක් සහ ඉෆ්තිකාර් අහමඩ් ලකුණු 30ක් රැස් කළහ.

පන්දු යැවීමේදී මුජීබ් රහමාන් කඩුලු 03ක් බිඳහෙළීය. අනතුරුව ලකුණු 202ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන කණ්ඩායමට පන්දුවාර 19.2ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ හැකිවූයේ ලකුණු 59ක් පමණි. මෙහිදී ඇෆ්ගනිස්තාන පිතිකරුවන් 05දෙනෙකුම ලකුණු 0 දැවී ගියහ.

පන්දු යැවීමේදී හැරිස් රාවුෆ් කඩුලු 05ක් බිහෙළීය.