ඔස්කාර් සම්මාන දිනූ ජනප්‍රිය ඉන්දියානු සංගීතඥ AR Rahman විසින් හිටපු ඉන්දියානු ගායකයින් දෙදෙනෙකු වන Bamba Bakya සහ Shahul Hameedගේ හඬ කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් සකස් කර ඇති බව වාර්තා වනවා. එලෙස නිර්මාණය කර ඇත්තේ, මෙම වසරේදී තිරගත වීමට නියමිත සුපිරි කොලිවුඩ් නළු රජිනි කාන්ති රංගනයෙන් දායක වන Lal Salaam චිත්‍රපටයේ “Thimiri Yezhuda” ලෙස නම්කර ඇති ගීතයක් සඳහායි.

 

මෙම ක්‍රියාව සම්බන්ධයෙන් AR Rahman වෙත මේ වන විට මිශ්‍ර ප්‍රතිචාර ලැබෙමින් බවතින අතර, මෙම කටයුත්ත සඳහා එම ගායකයින්ගේ පවුල්වල අවසරය ලබා ගෙන ඇති බවත්, නියමිත වටිනාකම ගෙවා ඇති බවත් AR Rahman ඔහුගේ නිල X ගිණුම ඔස්සේ පවසා තිබෙනවා. 2022 වසරේදී හෘදයාබාධයකින් ජීවිතක්ෂයට පත්වූ ගායක Bamba Bakya, බොහෝ සංගීත කටයුතු සඳහා AR Rahman සමග සමීපව කටයුතු කළ අයෙක්. ගායක Shahul Hameed මියගොස් ඇත්තේ 1997 වසරේදී සිදුවූ රිය අනතුරක් හේතුවෙන්.