ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනපති Barack Obamaගේ දියණිය වන Malia Obama අධ්‍යක්ෂණයෙන් සහ තිරපිටපත් රචනයෙන් සිනමාකරණයට පිවිසි තිබෙනවා. ඇය විසින් තිර රචනය කර අධ්‍යක්ෂණය කළ කුළුඳුල් කෙටි චිත්‍රපටය වූ “The Heart” මේ දිනවල යූටා හි පැවැත්වෙන Sundance චිත්‍රපට උළෙල සඳහා ඉදිරිපත් කර තිබෙනවා.

2017 වසරේ සිට චිත්‍රපට ක්ෂේත්‍රයේ කටයුතු කරන Malia ගේ “The Heart” කෙටි චිත්‍රපටය පසුගිය වසරේ Chicago චිත්‍රපට උළෙලට ද ඉදිරිපත් කර තිබූ අතර, එහිදී සම්මානයටද පාත්‍ර වුණා.