2023-2025 ටෙස්ට් ලෝක ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලි 06කට මුහුණදීමට නියමිතය. එම සෑම තරගාවලියකටම තරග 02 බැගින් ඇතුළත්ය. එමෙන්ම එම තරගාවලි 06න් තරගාවලින් 03ක් මෙරටදීත්, තරගාවලි 03ක් මෙරටින් පිටත් පැවැත්වේ.

ඒ අනුව ටෙස්ට් ලෝක ශූරතාව යටතේ පැවැත්වෙන පළමු තරගාවලිය එළඹෙන ජූලි මසදී පාකිස්තානය සමග මෙරටදී පැවැත්වේ. මෙම වසරේ පැවැත්වීමට නියමිත එකම ටෙස්ට් තරගාවලියද මෙය වේ. අනතුරුව 2024 වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවල ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය සමග තරග 02කින් යුතු තරගාවලියක් සඳහා බංග්ලාදේශයේ සංචාරය කිරීමට නියමිතය.

එම තරගාවලියෙන් පසුව අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය සමග ටෙස්ට් තරගාවලියක් සඳහා එංගලන්තයේ සංචාරය කිරීමට නියමිතය. අනතුරුව සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදී නවසීලන්ත කණ්ඩායම ටෙස්ට් තරගාවලියක් සඳහා මෙරට සංචාරය කිරීමට නියමිතය.
ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම එම වසරේ අවසන් ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා කිරීම සඳහා නොවැම්බර්, දෙසැම්බර් මාසවලදී දකුණු අප්‍රිකාවේ සංචාරය කිරීමට නියමිතය.

අනතුරුව 2023-2025 ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමට පැවැත්වෙන අවසාන ටෙස්ට් තරගාවලිය 2025 වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවල ඕස්ට්‍රේලියාව සමග පැවැත්වේ. මෙම තරගාවලිය මෙරටදි පැවැත්වීමට නියමිතය.

SL vs PAK July – 2023 Home 2 Matches
SL vs BAN Feb / Mar – 2024 Away 2 Matches
SL vs ENG Aug / Sep – 2024 Away 2 Matches
SL vs NZ Sep / Oct – 2024 Home 2 Matches
SL vs SA Nov / Dec – 2024 Away 2 Matches
SL vs AUS Jan / Feb – 2025 Home 2 Matches

කවිදු කාරියවසම්