පසුගිය වසරේ නොවැම්බර් 10 දින ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට ලක් වීමත් සමග ශ්‍රී ලංකාව තුල පැවැත්වීමට නියමිතව තිබූ වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසළාන ක්‍රිකට් තරගාවලිය සහ ICC වාර්ෂික මහ සභා සමුළුව අහිමිව ගොස් රටට විශාල පාඩුවක් සිදු විය.

2023 නොවැම්බර් 27 වන දින හරීන් ප්‍රනාන්දු ක්‍රීඩා අමාත්‍යධූරය භාර ගැනීමෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයින් සමග පැවති සාකච්ඡා වලින් අනතුරුව 2024.01.28 දින ශ්‍රී ලංකාවට පනවා තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් තහනම ඉවත් කර ගැනීමට හැකි විය.

එමෙන්ම අප රටට අහිමිව ගිය ICC වාර්ෂික මහ සභා සමුළුව 2024 ජූලි මස 19 වන දින සිට 22 වන දින දක්වා  ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ද ICC ය තීරණය කර ඇත.

මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම සංචාරක ව්‍යාපාරයට ද විශාල රුකුලක් වනු ඇත.

හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ඔහුගේ X ගිණුමෙහි ද සටහනක් තබමින් මේ පිළිබදව අදහස් දක්වා තිබුණි.

ICC AGM in Sri Lanka