සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 344ක් වන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක්  රුපියල් 379ක් වේ

ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදුකර නොමැති අතර, එය රුපියල් 314ක්ව පවතී.

සයිනොපෙක් සුපර් ඩීසල් මිල ද රුපියල් 22කින් පහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 355කි.

ලංකා IOC සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර තිබෙන අතර සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අනුව ලංකා IOC ඉන්ධන මිල ගණන් ද පහළ දමන බව දැනුම්දෙයි.