IS හෙවත් ඉස්ලාමික් ස්ටෙට් ත්‍රස්ත සංවිධානයේ නව නායකයා ලෙස හෆාස් අල් හෂීමි අල් කුරේෂි පත් වී ඇත

IS ත්‍රස්ත සංවිධානයයි මේ පිළිබඳව නිල වශයෙන් නිවේදනය කර තිබේ.

අබු හෆාස් අල් හෂීමි අල් කුරේෂි ට පෙර, IS නායකයා ලෙස අබු හුසේන් අල් හුසේනි අල් කුරේෂියි කටයුතු කෙරිණි.

ඔහු සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ දී ඝාතනය විය.

එම ඝාතනය කළේ තම බුද්ධි අංශ සහ හමුදාව යැයි තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පවසා තිබුණි.

එහෙත් අබු හුසේන් අල් හුසේනි අල් කුරේෂි මියගියේ සිරියාවේ හයාත් තග්රීර් අල් ෂාමාන් කැරැලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් බව IS ත්‍රස්ත සංවිධානය පවසා ඇත.

හයාත් තග්රීර් අල් ෂාමාන් යනු තුර්කි හමුදාවට හිතවත් සන්නද්ධ කණ්ඩායමක් වේ.