සමාජ මාධ්‍ය වේදිකාවල ළමා ආරක්ෂාව පිළිබඳ විභාග වූ නඩුවක් අතරතුර, ඊට පිළිබදව කරුණු දැක්වීම සදහා ඇමරිකානු සෙනෙට් සභාව මගින් අධිකරණ කමිටුවට ඊයේ (31) කැදවා තිබූ Meta හි ප්‍රධාන විධායක නිලධාරී Mark Zuckerberg විසින්, ළමා සිය දිවි නසා ගැනීම් සහ ලිංගික සූරාකෑම් සම්බන්ධයෙන් Instagram සමාජ මාධ්‍ය ජාලයේ වැඩි බලපෑමක් පවතින බව පිළිගනිමින් ඒ සම්බන්ධයෙන් දෙමාපියන්ගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

“Big Tech and the Online Child Sexual Exploitation Crisis” මාතෘකාව යටතේ නීති සම්පාදකයින් විසින් Mark Zuckerberg ඇතුළු තවත් සමාජ මාධ්‍යජාලවල ප්‍රධාන විධායක නිලධාරීන්ගෙන්, ඔවුන්ගේ සමාජ මාධ්‍ය වේදිකාවල (Social Media platforms) දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව විමසා ඇති අතර, එක්සත් ජනපද සෙනෙට් අධිකරණ කමිටු සාමාජික Josh Hawley විසින් Mark Zuckerberg වෙත අවධාරණය කර ඇත්තේ සෘජුවට ඔහු විසින් දෙමාපියනගෙන් සමාව ගත යුතු බවටයි.

ඒ අනුව, Mark Zuckerberg පීඩාවට පත් දෙමාපියන්ගෙන් සමාව අයැදමින් පවසා ඇත්තේ මෙවැන්නක්. “ඔබ සැමට සිදු වූ සෑම දෙයක් ගැනම මට කණගාටුයි. එය භයානකයි. ඔබේ පවුල්වලට සිදු වූවා වැනි දේවල් කිසිවකුටත් සිදු නොවිය යුතුයි.”