Mr. Bean චරිතයෙන් ලොවු පුරා රසිකයින්ගේ ආදරය දිනූ බ්‍රිතාන්‍ය ජාතික නළු Rowan Atkinson වසර 6ක පමණ නිහැඬියාවකින් පසු නැවතත් සිනමාවට පැමිණෙන බව වාර්තා වනවා. ඒ, ඔහු ප්‍රධාන චරිතය නිරූපණය කළ Johnny English චිත්‍රපට මාලාවේ සිව්වැනි චිත්‍රපටයෙන්.

 

Rowan Atkinson, MI7 රහස් ඔත්තු සේවා නිලධාරියෙකු ලෙස පෙනී සිටින ක්‍රියාදාම හාස්‍ය ශානරයේ Johnny English චිත්‍රපට මාලාව ලොව පුරා ඉතා ජනප්‍රියත්වයට පත් වුණා. එහි නවතම චිත්‍රපටයේ රූගත කිරීම් මෙම වසරේ ජුනි මාසයේ සිට එක්සත් රාජධානිය සහ මෝල්ටාව ආශ්‍රිතව ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර, Universal Pictures නිෂ්පාචනයක් ලෙස ලබන වසරේ දී ප්‍රේක්ෂකයින්ට නැරඹීමේ හැකියාව ලැබෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.