ජනප්‍රිය හොලිවුඩ් නළු Nicholas Cage සිනමා රංගනයට සමුදීමට සැලසුම් කර ඇති බව වාර්තා වනවා. තම පියා වසර 75ක් ජීවත් ව මිය ගිය බැවින්, එතරම් කාලයක් ජීවත් වුවහොත් ඉතිරි වන වසර 15ක ජීවිත කාලය  තම පවුල හා ගත කිරීමට අවශ්‍ය බවයි 59 හැවිරිදි ඔස්කාර් සම්මාන ලාභී සුපිරි නළුවා පවසන්නේ.

ඒ අනුව තමා රංගන දිවියේ අවසානයට ළඟා වී ඇති බවත්, වැඩිම වුවහොත් තවත්  චිත්‍රපට 3-4ක් පමණක් රංගනයේ යෙදෙනු ඇති බවටත් Cage ප්‍රකාශ කර තිබෙනවා.