ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගත් අන්තර්ජාල සේවා සැපයීම සඳහා “Starlink” වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මූලික අනුමැතිය ලබා දුන් බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසයි.

විධිමත් මහජන අදහස් විමසීමේ ක්‍රියාවලියකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු හෙට (07) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඉකුත් මාසයේ අග භාගයේ ඉන්දුනීසියාවේ බාලි හි පැවැති 10 වැනි ලෝක ජල සංසදයේ ඉහළ පෙළේ රැස්වීමට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, එහි දී Starlink සේවාව මෙරට දියත් කිරීම සම්බන්ධයෙන් එහි හිමිකරු එලෝන් මස්ක් සමග සාකච්ඡා කරනු ලැබීය.