බෙලිජියමේ විශාලතම සංගීත හා නර්තන සැණකෙළිය ලෙස හැඳින්වෙන Tomorrowland 2024 සඳහා නිකුත් කළ ලක්ෂ 4ක් වූ ටිකට්පත් සියල්ල විනාඩි 27ක් තුළ විකිණී අවසන් වී ඇති බව වාර්තා වනවා. ඩිජිටල් කටුන්ටරය තුළ ටිකට් පත් අලෙවි වීමට ගතවී ඇත්තේ විනාඩි දෙකක් පමණයි.

2024 ජුලි මාසයේ 19-21 සහ 26-28 සති අන්ත වලදී පැවැත්වෙන Tomorrowland 2024 සැණකෙලිය මෙවර පැවැත්වෙන්නේ 18 වන වරට වන අතර මෙවර එහි තේමාව නම්කර ඇත්තේ “LIFE” නමින්. 2005 වසරේ පැවති ආරම්භක සැණකෙළිය සඳහා සහභාගීත්වය සඳහන් වී තිබුණේ 9000ක් ලෙස වන අතර, පසුගිය වසරේ එය 400,000ක් ලෙසයි වාර්තා වුණේ.