එකම වට්ස්ඇප් ගිණුම දුරකථන හතරක් දක්වා භාවිතා කිරීමේ හැකියාව මෙටා සමාගම විසින් පරිශීලකයින්ට ලබාදීමට තීරණය කර ති‌‌බේ.

ඒ අනුව, වට්ස්ඇප් භාවිතා කරන්නන් තවදුරටත් ඔවුන්ගේ ගිණුම තනි දුරකථනයකින් භාවිතා කිරීමට පමණක් සීමා නොවේ.

ඉදිරියේ දී එම නවමු අත්දැකීම විඳගැනීමට සුදානමින් සිටින ලෙස මෙටා සමාගම සිය පරිශීලකයින්ට දැනුම් දී ඇතැයි බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙටා සමාගමේ ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබේ.

නව update එකට අනුව පවතින ගිණුම වෙනත් දුරකථනයකට link කිරීමට නම් වට්සැප් නැවත Install කරලා දුරකථන අංකය ඇතුළත් කර “link to existing account” option එක හරහා ලැබෙන Qr code එක මූලික වට්සැප් ගිණුම සහිත දුරකථනයේ ඇති link device හරහා scan කිරීමෙන් බාහිර දුරකථන වලට පවතින whatsapp ගිණුමට log වෙන්න වීමට හැකිය.

මෙම feature එක ios android දෙකේම ක්‍රියාත්මක වේ.

වට්සැප් ගිණුම තියෙන මූලික දුරකතනයට අමතරව වෙනත් දුරකතනයකින් ලොග් වීමෙන් පසු වට්සැප් ගිණුම පවතින මූලික දුරකතනය ක්‍රියාවිරහිත වූවත් අමතර දුරකතනයන් මගින් එය භාවිතා කල හැකිය.

එමෙන්ම වට්සැප් ගිණුම තියෙන මූලික දුරකතනය දවස් 14 ක් ක්‍රියාවිරහිතව පැවතුනොත් ගිණුමට log වුන අනෙකුත් දුරකතනවලින් සහා අනෙකුත් device වලින් එම account එක logout වෙන බව ද සඳහන් වේ.

එම ක්‍රියාවලියේදී මූලික දුරකතනයේ පවතින අවුරුද්දක කාලයක chat history එක log වුන අනෙකුත් දුරකතන වලට පෙන්වන බවද වැඩිදුරටත් සඳහන් වේ.