සුඩානයේ කොටුවී සිටි ශ්‍රී ලාංකිකයින්ගේ පළමු කණ්ඩායම නිරුපද්‍රිතව බේරාගෙන ඇත.

විදෙස් ඇමති අලි සබ්රි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එය සදහන් කර තිබේ.

සුඩානයේ කොටුවී සිටින ශ්‍රී ලාංකිකයින් 41 දෙනෙකුගේ තොරතුරු ලැබුණු බවත් ඉන් 13 දෙනෙක් බේරා ගෙන ඇති බව සදහන් වේ.

ඉතිරි පිරිස ඉන්දියාවේ හෝ සෞදි අරාබියේ සහායෙන් නිරුපද්‍රිතව බේරා ගැනීමට කටයුතු කරන බව ද ඇමතිවරයා පවසා ඇත.

එමෙන්ම මේ සදහා සහාය දැක්වීම පිලිබදව සෞදි අරාබි රාජ්‍යට කෘතඥ වන බවද ඔහු එම පණිවිඩයේ දසහන් කර තිබේ.

හමුදා පාලනයක් යටතේ ඇති සුඩානය පසුගියදා සිවිල් රජයක් යටතට පත් කිරීම පිළිබඳව සළකා බැලීම හේතුවෙන් එරට අතුරු හමුදාවක්, හමුදාවට එරෙහිව ආරම්භ කළ සටන් මේ වන විට උග්‍ර වී ඇත.

එමෙන්ම සුඩාන ගැටුම් හේතුවෙන් අවතැන්ව සිටින විදේශිකයින් මුදා ගැනීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර තිබේ.