X-Press Pearl හානිය ගැන සෙවීමට අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ විශේෂ කණ්ඩායම අද (17) සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතව ඇත.

එහිදි  නෞකා අනතුරින් වූ හානියට අදාළ එකඟතා පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.

මෙම සාකච්ඡාව හෙට (18) හා අනිද්දා (19) පැවැත්වීමට සැලසුම් කර ඇත.

නීතිපති සංජය රාජරත්න එම කණ්ඩායමේ ප්‍රධානත්වය දැරීම සඳහා පත් කර තිබේ.

නෞකා සහ රක්ෂණ සමාගම්වල නීතිඥයින් සහ නිලධාරීන් ඊට එක්වීමට නියමිත බව ද නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

X-Press Pearl නෞකා අනතුරින් සිදුවූ හානියට අදාළ වන්දි මුදල අමෙරිකානු ඩොලර් බිලියන 6.4 ක් වේ.