ජනප්‍රිය නළු ගයාන් වික්‍රමතිලක යූටියුබ් සාකච්ඡාවකදී තමන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති බවට පත් කිරීම සඳහා කල කැපකිරීම් සම්බන්ධයෙන් බරපතළ ලෙස කණගාටු වන බව පාපෝච්චාරණය කර ඇත.

ඒ පාලනයත් සමග විනෝදාස්වාදය වැනි දේවල් මේ වන සමාජයෙන් අතුරුදහන් වී ඇති බවත්, තමන් ඇතුළු පිරිස විසින් සිදු කළ ඒ ක්‍රියාවලිය නිසා අද දරුවන් අතිශය ලෙස විඳවන බවත් ඔහු කියා සිටියි.

එහිදි අදහස් දක්වමින් ඔහු කියා සිටින්නේ මේ වැනි දෙයක් නැවත රටට සිදු නොවිය යුතු බවත්, දරුවෙකුට චිකන් කෑල්ලක් කෑමට නොහැකි තත්වයකටම රට ඇද දැමූ බවත්ය.

කෙසේ වෙතත්, මේ තත්වය වෙනස් කිරීම සඳහා තමා ජාතික ජන බලවේගයට එක්ව කටයුතු කරන බවද ගයාන් වික්‍රමතිලක එහිදී පවසා ඇත.