කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 36ක් දක්වා වලංගු වන පරිදි නවතම කාලගුණ නිවේදනය නිකුත් කර ඇත.

පෙර-මෝසම් කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් තද වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව එම නිවේදනයේ දැක්වේ.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත්, දිවයින හරහා විටින් විට පැකිමී 30-40 ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත.

වැඩි විස්තර පහතින්,