ඊයේ (15) ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සහ මෙරට මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉන්දියාවේ ක්‍රියාත්මක PhonePe ඩිජිටල් ගෙවීම් ක්‍රමය මෙරටදී නිල වශයෙන් එළිදැක්වීම කොළඹදී සිදුකෙරුණා.

මෙම ක්‍රමය මගින් ඉන්දියානු සංචාරකයින්ට මුදල් භාවිතයෙන් තොරව ගනුදෙනු සිදුකළ හැකිය.

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා මෙහිදි අදහස් දක්වනු ලැබුවා.

“ඔබ බොහෝ දෙනා දන්නා ආකරයට ඉන්දියාව තමයි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආර්ථික සහකරුවා. අපි ශ්‍රී ලංකාවේ විශාලතම වෙළෙඳ පාර්ශ්වකරු වගේම මෑත කාලයේදී ශ්‍රී ලංකාවට
විශාලතම සෘජු විදේශ ආයෝජන සිදුකළ මුලාශ්‍ර ද වනවා. එමෙන්ම ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් පිරිසක් රැගෙන ඒමට ඉන්දියාව දායක වී තිබෙනවා.ඒ වගේම UPI, QR ගෙවීම් ක්‍රමය හඳුන්වාදීම තුළින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට සහ මෙරටට ලැබෙන ආයෝජන ඉහළ නැංවීම සඳහා සහායවීමට අපි අපේක්ෂා කරනවා.UPI, QR ගෙවීම් ක්‍රමය හඳුන්වාදීමත් සමඟ ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඉන්දියානුවන්ට ගෙවීම් සිදුකිරීම සඳහා UPI පද්ධතිය යොදාගත හැකියි.එමගින් ඉන්දියානු සංචාරකයින්ට පහසුවක් සැලසෙනවා පමණක් නෙවෙයි. මෙරට ආර්ථිකයට සහ සංචාරක ක්ෂේත්‍රයටද උත්තේජනයක් ඇති කරනවා.වගේම දෙරටේ මූල්‍ය තාක්ෂණ ක්ෂේත්‍රයේ සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් වනු ලබනවා.ශ්‍රී ලංකාවේ සුවිශේෂි ඩිජිටල් අනන්‍යතා වැඩසටහන සංවර්ධනය කිරීම සඳහා ද ඉන්දියාව සහාය වනවා.ඒ පිළිබඳව කිසිවෙකුට සැකයක් ඇත්නම් මට ඔබට කියන්න තියෙන්නේ.සයිබර් ආරක්ෂාව සහ තොරතුරු දත්ත ආරක්ෂාව පිළිබඳ අපේ පළපුරුද්ද මෙන්ම විගණනය, වගවීම සහ වලංගු කිරීම සඳහා අප යොදාගන්නා පද්ධති සැලකුවිට ඔබට ඒ පිළිබඳ කිසිදු සැකයක් ඇති කරගැනීමට හේතුවක් නැහැ.”