ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතා ඇතුළු පිරිසක් අද (27) ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතව ඇත.

සංචාරය සිදු වන්නේ, ඉන්දියාව සමග ඇතිකර ගැනීමට නියමිත ගොඩබිම් සබඳතාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි.

සාකච්ඡා හෙට (28) නවදිල්ලි නුවරදී ආරම්භ වනු ඇති.

එම නියෝජිත පිරිස අතරට ප්‍රවාහන හා පරිසර අමාත්‍යාංශ ලේකම්වරුන්, දුම්රිය සාමාන්‍යාධිකාරී, රේගු අධ්‍යක්ෂ ජනරාල් සහ මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ද ඇතුළත් වේ.