දුම්රිය සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කළ එච්.එම්.කේ.ඩබ්. බණ්ඩාරගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුර තාවකාලිකව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) එස්.එස්. මුදලි මහතා පත්කර ඇති බව වාර්තාවේ.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ගංගානාත් රෑබසිංහ මහතා විසින් මෙම පත් කිරීම සිදුකර ඇති අතර ප්‍රවාහන , මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් එස්. එස්. මුදලිගේ මහතාට අදාළ පත්වීම් ලිපිය අමාත්‍යංශයේදී භාරදී ඇත.

ඔහු දැනට දරන අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) තනතුරට අමතරව දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුරේ වැඩ ආවරණය කරනු ලබයි.