ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඔහුගේ විදේශ අමාත්‍යවරයා හෙලිකොප්ටර් අනතුරින් මියගොස් ඇති බව ඉරාන රජය නිල වශයෙන් නිවේදනය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ,
“මසූද්ගේ ජන්ම සංවත්සරයේදී, හස්රත් අලි ඉබ්නු මූසා අල්-රේසා, ඔහුට සාමය ලැබේවා.. ඉරාන ජාතියේ සේවකයාගේ ශ්‍රේෂ්ඨ ආත්මය, Khadim al-Reza, Hazrat Ayatollah Raisi, ජනතාවගේ සහ ආදරණීය ජනාධිපති බවට පත් විය…
ඉරානයේ උන්නතියට හා ප්‍රගතියට යන ගමනේදී ඉරානයේ ශ්‍රේෂ්ඨ ජනතාවට සේවය කිරීම හැර අන් කිසිවක් නොදැන සිටි ඉරාන ජනතාවගේ වෙහෙස මහන්සි වී වැඩ කරන ජනාධිපතිවරයා ජාතිය වෙනුවෙන් තම ජීවිතය පූජා කළේය. ජාතියේ වීරයා සහ සේවකයා සහ නායකත්වයේ විශ්වාසවන්ත මිතුරා වන අයතුල්ලා රයිසිගේ වෙහෙස නොබලා ආත්මයෙන් සහ සර්වබලධාරී දෙවියන්ගේ උපකාරයෙන් ගෞරවයෙන් හා සේවයෙන් පිරුණු මාවත ඉදිරියට යන බවට අපගේ පක්ෂපාතී සහ අගය කරන සහ ආදරණීය ජාතියට අපි සහතික වෙමු. සහ උතුම් මිනිසුන්ගේ ඇසුර, පරිපාලනයේ කිසිදු අඩුවක් නොවනු ඇත. රටේ ජිහාඩ්වාදය ඇති කරන්නේ නැහැ.” යනුවෙනි.

එරට රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන IRNA පැවසුවේ රයිසි එක්සත් ජනපදයේ නිෂ්පාදිත බෙල් 212 හෙලිකොප්ටරයකින් පියාසර කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවයි.

පැය කිහිපයක් තිස්​සේ අතුරුදන් වූ හෙලිකොප්ටරයේ සුන්බුන් අසර්බයිජානයත් ඉරානයත් අතර දේශසීමාවේ, කඳුකර ප්‍රදේශයකින් සොයා ගැනීමට දිවි ගලවා ගැනීමේ මෙහෙයුම්වල නියැලෙන රතු අඩකව සංවිධානය සමත් වූ අතර, යානය ඝන මීදුම හේතුවෙන් කඩා වැටෙන්න ඇති බව ඔවුන් අනුමාන කරයි.

යාන​ය අනතුරට පත් වන වි​ට ඉරාන ජනාධිපති රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය අමීර්අබ්දුල්රහීන් රැගත් හෙලිකොප්ටර් යානය අසල්වැසි අසර්බයිජානයේ සිට යළි ඉරානයේ වයඹ දෙසින් පිහිටි ටබ්රීස් නගරය බලා පියාසර කරමින් තිබූ අත​ර ඉරාන ජනාධිපති සහ විදේශ අමාත්‍යවරයා ගමන් කළ හෙලිකොප්ටරය සමඟ එහි ආරක්ෂාවට තවත් හෙලිකොප්ටර් යානා දෙකක් ගමන් කර ඇති අතර ඒවා ඝන මීදුම මැද ආරක්ෂිතව ගොඩබෑ බව ටබ්රීස් නගර බලධාරීන් සඳහන් කලේය.

ඉරාන ජනාධිපතිවරයාත් විදේශ අමාත්‍යවරයාත් අසර්බයිජානයට ගොස් ඇත්​තේ ඉරානයේ අනුග්‍රහයෙන් එරට ඉදි කළ ‘කිස් කලාසි’ සහ ‘කොඩාෆරීන්’ නමැති වේලි දෙක විවෘත කිරීම සඳහාය.

කෙසේ නමු​ත් අනතුර සිදුව අවස්ථාවේ ඉරාන ජනාධිපතිවරයා සමග හෙලිකොප්ටරය තුළ සිට ඇති පුද්ගලයින් සංඛ්‍යාව 9 ක් වන අතර 9 දෙනාම මෙ වන විට ජිවිතක්ශයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

63 හැවිරිදි ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි පසුගිය කාලයේ වඩාත් කතාබහට ලක්වුණු නායකයෙක් රාජ්‍යය නායකයෙකු වන අත​ර 2021 වසරේදී ඉරාන ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය. බලයට පත් වූ දා සිට ඔහු එරට සදාචාර නීති දැඩි කිරීමට පියවර ගැනීම​ට කටයුතු කලේය.

එයින් නොනැවතුණු ඔහු රාජ්‍ය විරෝධී විරෝධතා දැඩි ලෙස මර්දනය කළ අතර ලෝක බලවතුන් සමග න්‍යෂ්ටික සාකච්ඡා සඳහා දැඩි අවදානයක් යොමු කලේය.