ඉන්දුනීසියා ජනාධිපති ජොකෝ විඩෝඩෝ මහතාගේ ආරාධනයක් අනුව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සෙනසුරාදා ඉන්දුනීසියාව බලා පිටත් වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි

ඒ අනුව ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ හමුවට ජනපති සහභාගී වීමට නියමිතයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි 18 සිට 20 දක්වා එරට සංචාරය කරන අතර මැයි 20 වනදා එම සමුළුවේ ඉහළ පෙළේ හමුව සඳහා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බවද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ හමුව මැයි 18 සිට 25 වනදා දක්වා ඉන්දුනීසියාවේ බාලි දුපතේ පැවැත්වෙයි